මානව ශිෂ්ටත්වයක සේයාවකුදු නොදැන සිටි යුගයක ශ්‍රී ලංකාද්වීපයෙ හි සමස්ත මාහැඟි ශිෂ්ට
සංස්කෘතියක පදනම නම් මහින්දාගමනය යි .
හුදෙක් ආගමක් යන සීමාවන්ට රාමුගත නොවී පුළුල්ව පැතිරී ගිය මූලික බෞද්ධ දර්ශනය
ඇසුරෙන් ලද දාර්ශනිකත්වයත් ඒ හා සමගාමීව ජනිත වන්නා වූ ප්‍රායෝගිකත්වයත් ඇසුරින් ශිල්ප
ඥානයන් ලද පුරාතන ශ්‍රී ලාංකිකයා තම අධ්‍යාත්මය තුළට කෙතරම් ශක්තිමත් සංයමයක් ආරූඪ කර
ගත්තේ ද යන්නට එතැන් පටන් ඔවුන් අතින්ම නිර්මාපණය වූ අත්‍යෝකර්ෂවත් ශිෂ්ටාචාරය සාක්ෂි දරයි.
වාච්‍ය පරිසමාප්තයෙන්ම අටලෝ දහම කෙරෙහි අකම්පිත වූ ශ්‍රේෂ්ඨ ජන විඤ්ඤානය වසංගත
දුර්භික්ෂාදී අපරිමිත අසීරු අවස්ථා තුළින් පවා යථාර්ථය කලාත්මකව දකින්නටත් එම කාල ප්‍රාන්තරයන්හි
දී පවා තම ධාර්මික විනෝදාස්වාදය තකා තමන්ගේ ආධ්‍යාත්මයෙ හි අභ්‍යන්තරිකව සැඟව පැවති
නිර්මාණශීලී හැකියාවන් ඔවුන් යළිත් උද්දීපනය කර අති විශිෂ්ට කලා සංස්කෘතියක් නිමවා ඇත්තේ ය.
ඉදින් රජයේ විද්‍යා විද්‍යාලීය මාධ්‍ය සංසඳය “EPISCOPE” වන අපගේ මෙම ප්‍රයත්නය වූයේ ද ශ්‍රී ලංකා
ඉතිහාස වංශකතාවේ දරුණුතම අවධියක් පරයා යළි නැඟී සිටින්නට වෙර දරන්නා වූ සංස්කෘතියක
කොටස්කරුවන් ලෙසින් අප අතින් පුරනය විය යුත්තා වූ වගකීම් ඉටු කරනු වස් ය.
පුරා යුග ගණනාවක් පුරාවට පාරම්පරිකව පැමිණි තරඟාවලි සම්ප්‍රදාය කෙරෙහි පවතින
වසංගතය තුළින් ලද අභියෝගය හමුවේ පලා නොයා භාරගනිමින් නව්‍යමය රාමුවක් සංස්කෘතියට තිළින
කරන්නට ගන්නා ප්‍රයත්නයක් ලෙසට අන්තර්ජාලීය මාර්ගගත පොසොන් කලාපයක් ලෙස,
විදු විදුහල් ප්‍රඥා ප්‍රදීප මිහිඳු උදානය
බුද්ධ වර්ෂ 2565 ක් වූ පොසොන් මස 24, 25, 26 තෙදින තුළ ඔබ අප සැම වෙනුවෙන් මෙසේ එළි දැක්වෙනු ඇත.